මෙත් සවිය සංසදය නිරවුල් මනසක් ඇති වර්ධනය කරගත් මානසික ශක්තියක් සහිත බුද්ධිමත් ශ්‍රී ලාංකික ජනතාවක් බිහි කිරීමේ අරමුණින් අරඹන ලද සාමාජිකයින්ගේ එකතුවකි. සංසදය විසින් පවත්වනු ලබන ත්‍රෛමාසික චිත්ත සංයම අභ්‍යාස හා භාවනා වැඩසටහන්, සාර්ථකව ඉගෙන ගන්නා අන්දම හා විභාග සමත් වන අන්දම, කාලකළමනාකරණය, නායකත්වය වැනි ඒ ඒ කාල වලදී පවත්වන වැඩසටහන් සඳහා සහභාගී වීමේ වරප්‍රසාදය සියලු සාමාජිකයින්ට හිමි වේ. භාවනා වැඩසටහන් පැවැත්වීම භාවනා කම්මට්ඨානාචාර්ය මෙත් සවිය නිර්මාතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න මහතා විසින් සිදුකරනු ලබයි.
දැන්වීම් හා විශේෂ නිවේදන
ඉදිරි වැඩසටහන්

භාවනා වැඩසටහන්
54 වන නව සමථ, විදර්ශනා භාවනා වැඩසටහන සදහා නව සාමාජික අයදුම්පත් මෙත් සවිය කාර්යාලයට ලබා දිය හැක. ආරම්භවන දිනය ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ.
47 වන අධිමානසික විද්‍යාව හා පංචඅභිඥා පිළිබද හදුන්වාදීමේ වැඩසටහන සදහා නව සාමාජික අයදුම්පත් මෙත් සවිය කාර්යාලයට ලබා දිය හැක. ආරම්භවන දිනය ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ.
පසුගිය වැඩසටහන්
මෙත් කැකුළු වැඩසටහන
මෙත් සවිය භාවනා වැඩ සටහනට සම්බන්ධ වන සාමාජිකයන්ගේ දරුවන්, භාවනා වැඩසටහන අවසාන වන තෙක් බලා ගැනීමේ සත්කාර්ය මෙම මෙත් කැකුළු වැඩසටහන මගින් සිදු කරයි.
සාර්ථකව ඉගෙන ගන්නා අන්දම හා විභාග සමත් වන ක්‍රම පිළිබදව වැඩමුළුව
මෙත් සවිය සංසදයේ සභාපති ගරු මහාචාර්ය චන්දන ජයරත්න මහතා විසින් මෙහෙය වන වාර්ෂිකව පැවැත්වෙන වැඩමුළුව.





