මෙත් සවිය මනස අධ්‍යාපන සංවර්ධන මෛත්‍රී සංසදය මගින් පවත්වන ලද වැඩසටහන්
2025 වර්ෂය





අනේවාසික එක්දින සීල-භාවනා වැඩසටහන
2025 අගෝස්තු 08
නිකිණි පෝය දින සීල-භාවනා වැඩසටහන පෙ.ව. 7.00 සිට ප.ව. 5.00 දක්වා වැල්ලවත්ත ශ්‍රී විජයාරාම විහාරාස්ථානයේදී දාන සීල භාවනා කමිටුවේ සභාපති පියල් චන්ද්රතුංග ඇතුළු කමිටු සාජිකයින් විසින් මවුකමිටුවේ සහයෝගය ද සහිතව සංවිධානය කරන ලදී.
උදෑසන හීල් දානය නිශා රණසිංහ මහතාද, දහවල් දානය අමල් බණ්ඩාර මහතා ඇතුලු පිරිස විසින්ද, අතුරුපස ජයසිංහ මහත්මිය සහ ලලන්ති මහත්මියද, උදේ සහ හවස ගිලන්පස මිතිලා උදයකාන්ති මහත්මිය විසින්ද පූජාකරන ලදී. ප.ව.2.30 සිට ප.ව. 3.30 දක්වා පූජ්‍යපාද සෝභිත ස්වාමීන්වහන්සේ විසින් ධර්ම දේශණය පවත්වන ලදී.





නිකිණි මස ධර්ම දේශනාව
2025 අගෝස්තු 03
නිකිණි මස ධර්ම දේශනය මිහින්තලය කළුදිය පොකුණ අරහත්ව තපෝවනය භාරකාර සේනාසනාධිපති පූජ්‍ය සද්ධාජීවී ස්වාමින්ද්‍රයන් වහන්සේගේ වැඩමවීමෙන් කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි ධර්ම ගවේෂී බෞද්ධාශ්‍රම ශාලාවේදී ප.ව. 3.30 සිට ප.ව. 4.30 දක්වා පැවැත්වින.
ධර්ම දේශනය සදහා දායකත්වය දැක්වූයේ ගයනි ගමගේ මහත්මිය විසිනි.





බොරැල්ල ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ තීන්ත ආලේපනය කිරීම
2025 ජූලි 27
භාවනා වැඩසටහන් පැවැත්වෙන බොරැල්ල ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ තාප්පවල හා බිත්ති වල දිය සෙවල ඉවත් කර ස්වේත වර්ණයෙන් තීන්තාලේපනය කිරීම මෙත් සවිය සංසදයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා සහ සාමාජිකයන්ගේ මූල්‍ය සහ ශ්‍රම දායකත්වයෙන් පැවැත්විය.





අනේවාසික එක්දින භාවනා වැඩසටහන
2025 ජූනි 10
පොසොන් පොහොය දින සීල-භාවනා වැඩසටහන පෙ.ව. 7.00 සිට ප.ව. 5.00 දක්වා වැල්ලවත්ත ශ්‍රී විජයාරාම විහාරාස්ථානයේදී දාන සීල භාවනා කමිටුවේ සභාපති පියල් චන්ද්රතුංග ඇතුළු කමිටු සාජිකයින් විසින් මවුකමිටුවේ සහයෝගය ද සහිතව සංවිධානය කරන ලදී.
ප.ව. 3.00 සිට ප.ව. 4.00 දක්වා පූජ්‍යපාද සෝභිත ස්වාමීන්වහන්සේ විසින් ධර්ම දේශණය පවත්වන ලදී.





“සංහිද” මානසික සුවතා වැඩසටහන
2025 ජූනි 01
මෙත් සවිය මනස අධ්‍යාපන සංවර්ධන මෛත්‍රී සංසදයෙහි සුවසෙත කමිටුව මගින් සංවිධානය කරන ලද “සංහිද” සුවපත් හදවතකට සංගීත චිකිස්තාව සහ මානසික සුවතා වැඩසටහන බොරැල්ල ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේදී පවත්වන ලද අතර ප්‍රජා විශේෂඥ වෛද්‍ය සහ සංගීත විශාරද සමිත සිරිතුංග මැතිතුමා විසින් මෙම වැඩසටහන මෙහෙයවන ලදී.
- 2024 වර්ෂය
- 2023 වර්ෂය
- 2022 වර්ෂය
- 2021 වර්ෂය
- 2020 වර්ෂය