මෙත් සවිය මාධ්‍ය ඒකකය
මෙත් සවිය සංවිධානය සඳහා අඩුවක්ව පැවති මාධ්‍ය ඒකකයක අවශ්‍යතාවය සපුරාලමින් මෙත්සවිය මාධ්‍යජාලය බිහිවන්නේ 2021 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේදීයි. “Methsaviya” යනුවෙන් මෙම මාධ්‍ය ජාලය Youtube නාලිකාවක් ලෙස ස්ථාපිත කිරීම සිදුවිය. මෙත්සවිය මාධ්‍ය ජාලයේ මාධ්‍ය ඒකකය සදහා පිරිස බඳවා ගන්නා ලද අතර විවිධ දක්ෂතා ඇති පිරිසක් මෙහිදී ඒ හා එක්විය.
අපගේ “Methsaviya” Youtube නාලිකාවේ ප්‍රථම එළිදැක්ම ආරම්භ වුයේ මෙත් සවිය මාසික ධර්ම දේශනාව සජීවී ලෙසින් විකාශයට පත් කරමින්ය. මෙහි ප්‍රථම ධර්ම දේශනා මකුළුදුවේ නන්දාරාම හිමියන් විසින් සිදුකල අතර එය 2021 දෙසැම්බර් 04 වන දින බොරැල්ල ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ සිට “Methsaviya” Youtube නාලිකාව මගින් සජිවී ලෙස විකාශය කලේය. එතැන් පටන් මෙත් සවිය සංසදය මගින් සිදු කල සියළු මාසික ධර්ම දේශනා, වෙසක් දන්සල, මෙත් සවිය 2600 සම්බුද්ධත්ව ජයන්ති සමරු බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකිරීමේ විශේෂ අවස්ථා හා විවෘත කිරීම, සංසදය මගින් සංවිධානය කල විශේෂ ආරාධිත දේශන හා විවිධ පිංකම් ආදිය විකාශය කරන ලදී.
මෙත්සවිය සියළු ධර්ම දේශනා සදහා