තිස්සමහාරාම විහාරස්ථානය ප්‍රතිසංස්කරණය meth_test August 13, 2025

ඓතිහාසික තිස්සමහාරාම විහාරස්ථානයේ ඉපැරණි ධාතු මන්දිරය ප්‍රතිසංස්කරණය කිරීම

ආරම්භය 2025 අප්‍රේල් 12
බුදු හිමියන්ගේ පාදස්පර්ශයෙන් පහස ලද ඓතිහාසික තිස්සමහාරාම රාජමහා විහාරස්ථානයේ චෛත්‍ය ප්‍රවිශ්ඨයේ පිරිවැය නොමැති බැවින් ඉතා බලවත් සේ ගරා වැටීමට ලක්ව ඇති සර්වඥ ධාතූන් වහන්සේලා සහිත පෞරාණික ධාතු මන්දිරය සහ බුද්ධ මන්දිරය (වහලය, බිම සහ බිත්ති) ප්‍රතිසංස්කරණය කිරිම මෙත් සවිය සංසදය මගින් ආරම්භ කර ඇත.

මෙත් සවිය සදහම් චාරිකාව යටතේ 2025 අප්‍රේල් 12 දින තිස්සමහාරාම චෛත්‍යය රාජයාණන් වහන්සේ අභියස සිදුකළ පින්කම් මාලාවෙන් අනතුරුව සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින ධාතු මන්දිරයේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙත් සවිය සංසදයේ සභාපති ගරු මහාචාර්ය චන්දන ජයරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

 මෙම මහා කුසල කර්මයන් සියල්ලෝ දැකබලා අනුමෝදන් වෙත්වා!!!

මේ වන විට ධාතු මන්දිරයේ වහලය සාදා අවසන් අතර අනෙකුත් ප්‍රතිසංස්කරණ කටයුතු සදහා ඔබත් දායක වීමට කැමති නම් විමසන්න.

මෙත් සවිය කාර්යාලය: 071 401 4467, 011 250 5088