ගර්භනී මව්වරුන් සදහා අවශ්‍ය උපකරණ හා වියළි ආහාර ද්‍රව්‍ය ලබා දීමේ වැඩසටහන 2025 මෙත් සවිය මනස අධ්‍යාපන සංවර්ධන මෛත්‍රී සංසදය මගින් වාර්ෂිකව පවත්වන ලබන ගර්භනී මව්වරුන් සදහා අවශ්‍ය උපකරණ හා වියළි ආහාර ද්‍රව්‍ය ලබා දීමේ වැඩසටහන 2025 අප්‍රේල් මස 27 වන ඉරු දින බොරැල්ල ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ බෝධීන් වහන්සේ අසළදී පැවැත්වින. මෙහිදී එක් ගර්භනී මවක් සදහා රු. 12,000ක් වටිනා උපකරණ කට්ටලයක් සහ වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීම සිදු කරන ලද අතර අඩු ආදායම්ලාභී පවුල් වල ගර්භනී මාතාවන් 30 දෙනෙකු සහභාගී විය.