රුවන්වැලිමහා සෑ භූමියේ පවත්වන විශේෂ භාවනාමය අධිෂ්ඨාන පූජාව
ලංකාද්වීපය ද, එහි වෙසෙන ජනතාව ද, වත්මනෙහි මුහුණ පා ඇති දුක්ඛිත තත්වයෙන් මුදවා ගැනීම පිණිස මූල්‍ය සම්පත් සහ විවිධ විසඳුම් පහල වේවායි ප්‍රාර්ථනා කොට බොහෝ පිරිස්කගේ ආධ්‍යාත්මික ශක්තිය එකවර මෙහෙයවා කෙරෙන විශේෂ භාවනාමය අධිෂ්ඨාන පූජාවක් 2022 අප්‍රේල් මස 9 වෙනි සෙනසුරාදා දින සවස් භාගයේ සිට රාත්‍රිය දක්වා බුදුරජාණන් වහන්සේලා කීප නමකගේම පාද ස්පර්ශය ලත් අනුරාධපුරයෙහි රුවන්වැලිමහා සෑ භූමියෙනි සිට මෙත් මෙත්සවිය මගින් සිදුකිරීමට සැලසුම් කර ඇත.
ඒ සඳහා සහභාගි වන ලෙස හත් දහසක් පමණ වන මෙත්සවිය සාමාජිකයන්හටත්, විශේෂයෙන්ම පංචාභිඥා සහ අධිමානසික විද්‍යා වැඩසටහනට සහභාගි වී ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරගත් සාමාජිකයින් හටත් මෙත් සිත් පෙරදැරිව මින් ඇරියුම් කරනු ලැබේ.
අප්‍රේල් 9 දින පෙරවරු 8:30 ට බොරැල්ල ශ්‍රී ලංකාරාමයේ න් බස් රථ පිටත් වන අතර දිවා ආහාරය සඳහා ආහාර පාර්සලයක් ඔබ විසින් රැගෙන ඒම සුදුසුය. පානීය ජලය සහ රාත්‍රී ආහාරය අප විසින් සපයනු ලැබේ හැකි අය සුදු හෝ සුදට හුරු වස්ත්‍රයකින් සැරසී, එම ස්ථානයේදී සිල් ගැනීම සඳහා සුදු සාටකයක් ද රැගෙන එන්න.
වැඩසටයනට කෙලින් ම අනුරාධපුරයට පැමිණෙන අය රුවන්වැලි සෑය වෙත පස්වරු 4 ට පැමිණෙන්න. විශේෂ අධිෂ්ඨාන පූජාව රාත්‍රි 9 ට අවසන් වන අතර රාත්‍රි 10 දක්වා රාත්‍රී ආහාරය ගෙන, රාත්‍රී දහයෙන් පසු ජේතවනාරාම පූජා භූමියේ සිට අලුයම 2 දක්වා භාවනා කර අලුයම 2 ට බස්රථවලින් කොළඹ බලා පිටත් වන්නෙමු. 10 දින අලූයම 6 වන විට නැවත බොරැල්ල ශ්‍රී ලංකාරාමයට පැමිණීමට බලා බලාපොරොත්තු වෙමු.
මෙත්සවිය බස්රථවලින් යාමට බලාපොරොත්තු වෙන අය සඳහා බරපැන රුපියල් 2000/= කි. මෙත්සවිය මගින් සපයන සුඛෝපභෝගී බස් රථ වල යාමට බලාපොරොත්තු වෙන අය බස්රථ ආසන වෙන් කිරීම සඳහා මෙත්සවිය 0714014467 දුරකථන අංකයට කෙටි පණිවිඩයක් (SMS) නම සහ සමාජික අංකය යොදා 2022. 04. 02 දවල් 11.00 ට පෙර එවන්න.
වැඩි විස්තර අවශ්‍ය නම් පමණක් සංගමය උප සභාපති චින්තක බණ්ඩාර මහතා වෙත ඉහත දුර දුරකථන අංකය අමතා විමසන්න. මෙම මහා පුණ්‍ය කර්මය මෙහෙයවනු ලබන්නේ මෙත්සවිය නිර්මාතෘ මහාචාර්ය චන්දන ජයරත්න මහතා විසිනි.