2021 ජුනි මස මුල ඇතිවූ ගංවතුරින් විපතට පත් අය සදහා මෙත්සවිය සහනාධාර

      2021 ජුනි ගංවතුරින් විපතට පත් අය සදහා  ජුනි 7-9 දින තුන තුල සිදුකල මෙත්සවිය ගංවතුර සහනාධාර ලබාදීම ඉතා සාර්ථකව සිදු කරන ලදී. මේ සදහා  පරිත්‍යාග කල අයගේ නාම ලේඛනය සහ දුන් මුදල් ඉදිරි මෙත්සවිය   සගරාවේ පල වේ. මෙත්සවිය ගිණුමට මුදල් බැරකළ සියළු පින්වතුන් වෙත ලදු පතක් යවා  ඇත. රත්නපුර, රාගම ප්‍රදේශ  වල ගංවතුරින් විපතට පත් අප සාමාජිකයින් සියළු දෙනා  වෙත ද රු. 5000-10000 අතර ද්‍රව්‍යමය හෝ මුදල් ආධාර ලබාදී ඇත. පන්සල් 3 කට ද ආධාර කරන ලදී.
 
මෙත්සවිය දායක පින්වතුන් විසින් ලබාදුන් ගංවතුරෙන් විපතට පත් අය වෙනුවෙන් කල මුදල්  පරිත්‍යාග වලින් මිලදී ගත් පාන්-බටර්- කට්ට සම්බෝල  ඉහත දිනවල අළුයම කාලයේදී  සහ වතුරින් කොටුවී ඇති අය වේත ලබාදුන් වියලි ආහාර මලු (හාල්, පරිප්පූ , ළුණු , සොයා, තුනපහ , ලුණු මිරිස්  පොල් අදිය )  පවුලකට දින 5  කට සැහෙන සේ )  හවස/රාත්‍රී කාලයේ කළුතර පොලිසියේ ද සහයෝගය සහිතව  බෙදාදෙන ලදී. හුදකලා තත්ත්වය නිසා මෙවර අප ආහාර බෙදු තෝරාගත් බොහෝ ස්ථාන වල අයට  කිසිවක් නොලැබීම  මත නිතර කුසගින්නේ සිට ඇති අතර වියලි ආහාර මලු ලබාගත් බොහෝ  දෙනෙකු ගේ ඇස්වලට කදුළු ආ බවද සදහන් වේ.
 
 මේ අතර ද්‍රව්‍යමය වශයෙන් ආධාර ලබාදුන් කන්දේවිහාරය අසල පදිංචි  38 කණ්ඩායමේ දම්මිකා මහත්මිය විසින් අප වෙත ලබා දුන් (ඡායාරූප දක්වා ඇත), සීනි සම්බෝල, කෙසෙල් ගෙඩි, වතුර බෝතල ඇතුලත්  පාර්සල 100 සහ මාළු පාන් ලබාදුන් අතර ග්‍රාම නිලධාරිනියකගේ සහ පොලිසියේ සහභාගිත්වයෙන් නායයාමේ අනතුර මත අවතැන්වූවන් වෙත ජුනි 9 දා ඒවා ලබාදී ඇත.
 
කෝවිඩ්  හුදකලා වාතාවරණය තුල කිසිවක් කර කියාගත නොහැකිව ජලයෙන්  කොටුවූ අයගේ කුසගින්න නිවීමේ මහා  කුසලයට දායකත්වය දුන් සමජිකයිනටත්, සංවිධානය කල  විධායක කමිටුව, කාන්තා කමිටුව, අසරණ සරණ කමිටුවල සියළු සාමාජිකයිනටත්  අතිවිශේෂ වශයෙන්ම ද්‍රව්‍ය රැස්කර තම වාහනයෙන් මඩ ගොහොරුවල ගොස් ආධාර බෙදා දීමට උරදුන් මෙත්සවිය උපසභාපති චින්තක බණ්ඩාර මහතාට සහ සියළු පොලිස් අවසර ලබාගනිමින්  අවශ්‍යම ව  පෙන්වාදෙමින් වියලි ආහාර පාර්සල තනමින්  ඊට සහභාගී වූ මෙත්සවිය කළුතර ශාඛාවේ  සභාපති,  ප්‍රධාන පොලිස් පරීක්ෂක  නිහාල් මෙන්ඩිස් මහතාටත් මෙම දානමය කුසලයේ පුණ්‍ය ශක්තියෙන් නිවන් මග ලගා වේවා! 
 
නිවන්දක්නා  ජාති දක්වාම කිසිවිටෙකත්  ආහාර හිගයක් ඇති නොවේවා !!!

සහනාධාර බෙදාදීම සහ වැඩසටහන අතරතුර අවස්ථාවන් ..

මෙත්සවිය

මනස අධ්‍යාපන සංවර්ධන මෛත්‍රී සංසදය

මෙත් සවිය සංසදය නිරවුල් මනසක් ඇති වර්ධනය කරගත් මානසික ශක්තියක් සහිත බුද්ධිමත් ශ්‍රී ලාංකික ජනතාවක් බිහි කිරීමේ අරමුණින් අරඹන ලද සාමාජිකයින්ගේ එකතුවකි.

භාවනා වැඩසටහන් පැවැත්වීම:

භාවනා කම්මට්ඨානාචාර්ය මෙත්සවිය නිර්මාතෘ මහාචාර්ය චන්දන ජයරත්න මහතා විසින් කරනු ලබයි.

Google Map Location

Contact Us

Meth Saviya

No 55, Sri Lankarama Viharaya,
Leslie Ranagala Mawatha,
Borella, Colombo-08,
Sri Lanka
 

Email : office@mathsaviya.com

Telephone : 0714-014467, 0112-505088