මෙත් සවිය මනස අධ්‍යාපන සංවර්ධන මෛත්‍රී සංසදය, නිරවුල් මනසක් ඇති, වර්ධනය කරගත් මානසික ශක්තියක් සහිත බුද්ධිමත් ශ්‍රී ලාංකික ජනතාවක් බිහි කිරීමේ අරමුණින් වසර 21 කට පෙර අරඹන ලද සාමාජිකයින්ගේ එකතුවකි. ඒ ඒ ක්‍ෂේත්‍රයන්ට අදාළ විශේෂඥයින් හා උගතුන් ගෙන්වා සාමාජිකයින් දැනුවත් කරනු වස් විවිධ වැඩසටහන් මේ මගින් පැවැත්වීමට බලාපොරොත්තු වනු ලැබේ. වැඩසටහන් සඳහා මාතෘකා තෝරා ගැනීමද සාමාජිකයින්ගේ කැමැත්ත / ඉල්ලීම මත සිදුකරනු ලැබේ. සංසදය විසින් පවත්වනු ලබන සාර්ථකව ඉගෙන ගන්නා අන්දම හා විභාග සමත් වන අන්දම, කාල කළමණාකරණය, නායකත්වය, ත්‍රෛමාසික චිත්ත සංයම අභ්‍යයාස හා භාවනා වැඩසටහන් වැනි ඒ ඒ කාලවල දී පවත්වන වැඩසටහන් සදහා සහභාගිවීමේ වරප්‍රසාදය සියලු සාමාජිකයින්ට හිමිවේ. මීට අමතරව සාමාජිකයින්ගේ දැනුම හා ශික්‍ෂණය වර්ධනය කිරීම සඳහා සෑම මාස තුනකටම වරක්, දාන – සීල – භාවනා වැඩසටහන්ද පවත්වනු ලැබේ. සංසදයේ ප්‍රධාන නිලතල දරණ විධායක කමිටුව හා ක්‍රියාකාරී කමිටු සාමාජිකයින් මාංශ භක්‍ෂණයෙන් හා රහමෙර පානයෙන් තොර දිවි පැවැත්මක් ඇති අය වීම මෛත්‍රී පෙරදැරිව කටයුතු කරන මෙම සංසදයේ විශේෂත්වයකි.
වැල්ලවත්ත ශ්‍රී විජයාරාමය ප්‍රධාන මූලස්ථානය ලෙස පවත්වා ගනිමින් දහ හත් වසරක් සහ බොරැල්ල ශ්‍රී ලංකාරාමය මූලස්ථානය කරගනිමින් වසර 4 ක පමණ කාලයක් “මෙත් සවිය මෛත්‍රී සංසදය” පසුගිය විසි එක් වසරක් පුරා සමථ විපස්සනා භාවනාව අට දහසකට අධික පිරිසකට උගන්වා ඇති අතර, ශාසන අභිවෘද්ධිය වෙනුවෙන් ඇපකැප වී කටයුතු කර ඇත. මීට අමතරව බෞද්ධ භාවනාවේ ප්‍රයෝජනය පිළිබඳව විද්‍යාත්මක පර්යේෂණ පවත්වමින් දෙස් විදෙස් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ වලට එම පර්යේෂණ පත‍්‍රිකා ඉදිරිපත් කරනු ලබන, අප දන්නා පරිදි ලංකාවේ ඇති එකම ආයතනය ද “මෙත් සවිය” වේ. තවද මිරිසවැටිය සළපතල මළුව ප්‍රතිසංස්කරණය ආරම්භ කිරීම, නාගදීප වන්දනාවේ යන බැතිමතුන්ගේ පහසුව සඳහා වසර 30 ක දිගු යුද්ධය නිම වී මාස 06 ක් යාමට පෙර නාගදීපය සහ කිළිනොච්චියේ ලුම්බිණි විහාරයේ වැසිකිළි පද්ධතීන් සාදා නිම කොට පූජා කිරීම, මහියංගන රාජමහා විහාරයේ ලක්‍ෂයකට වැඩි පිරිසකට පිරිසිදු ජලය පානය කළ හැකි ජල පිරිපහදුවක් සාදා පූජා කිරීම, ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහල වීම සහ බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවී වසර 2600 ක් ඉක්මවීම සැමරීම සඳහා ඓතිහාසික මහියංගන රජමහා විහාර පුදබිමෙහි අඩි 102 ක් උසැති “මෙත්සවිය 2600 සම්බුද්ධත්ව ජයන්ති සමරු බුදු පිළිමය” ඉදි කිරීමේ කටයුතු 2012 ජනවාරි 08 දින ආරම්භ කර වසර 11 කට පසු 2023 මැයි 28 දින වන්දනාමානය සඳහා විවෘත කරන ලදී. එසේම රෝද පුටු පරිත්‍යාග කිරීම, කොළඹ ජාතික රෝහල, රිව්වේ ආර්යා ළමා රෝහල හා මහරගම අපේක්‍ෂා රෝහල (පිළිකා රෝහල) ඇතුලු රෝහල් ගණනාවකට අවශ්‍ය උපකරණ ලබාදීම වැනි ලොකු කුඩා සත්කාරයන් රැසක් පසුගිය 21 වසරක් පුරා ඉටුකර ඇත.
මෙත් සවිය තේමා ගීතය
වාර්ෂික මහා සම්මේලනය සහ මෛත්‍රී භූෂණ සම්මාන උළෙල
මෙත්සවිය විධායක කමිටුව 2025-2026
ගරු උපසභාපති : චින්තක බණ්ඩාර මහතා, මංජුල පත්මකුමාර මහතා
ගරු සමලේකම් : කෝසල එදිරිසිංහ මහතා, එස්. ජී. මධුරංග මහතා
ගරු භාණ්ඩාගාරික : චේනුක ජයනාත් ජයසූරිය මහතා
උප භාණ්ඩාගාරික : චමින්ද ඉන්දික මහතා
ගරු සංස්කාරක : එම්. කේ. ප්‍රියන්ත මහතා
ගරු කාරකසභික : පූර්ණ ප්‍රදීප් මහතා, නිමේෂ් සශින්ත මහතා, අජිත් ගමගේ මහතා, අමල් බණ්ඩාර මහතා, සුපුන් ජයලත් මහතා, එච්. ජි. කේ. එදිරිසිංහ මහතා
මෙත් සවිය අනුකමිටු
දු.ක. : 071 944 1269
දු.ක. : 071 221 0620
මෙත් සවිය සංසදය මගින් පවත්වන ලබන මෙත් සවිය සංසදය මගින් පවත්වන ලබන මෙත් සවිය සංසදය මගින් පවත්වන ලබන
01
දු.ක. : 071 450 1358
මෙත් සවිය සංසදය මගින් පවත්වන ලබන නේවාසික හා අනේවාසික ශීල-භාවනා වැඩමුළු හා මාසික ධර්ම දේශනා සංවිධානය කිරීම මෙම අනුකමිටුව සිදුකරයි.
02
දු.ක. : 071 407 8429
අක්ෂි සායන, ලේ දන්දීමේ කදවුරු, වෛද්‍ය කදවුරු පැවැත්වීම සහ ප්‍රාණ / විශ්ව ශක්තියෙන් රෝග සුව කිරීම මෙම අනුකමිටුව මගින් සිදු කරයි.
03
දු.ක. : 070 277 2601
මෙත් සවිය තරුණ සාමාජිකයන් හට කුසල් දහම් වැඩීම සදහා අවස්ථාව සකසා දීම අරමුණ කරමින් පිහිටුවා ඇති තරුණ කමිටුව මගින් මරණයට කැපවූ අසරණ සතුන් නිදහස් කිරීමට මුදල් එකතු කිරීම සදහා සාමාජිකයන්ට කැට බෙදා දීම, කසින මණ්ඩල බෙදා දීම හා මෙත් සවිය විවිධ වැඩසටහන් සංවිධානය සදහා දායක වීම සිදු කරයි.
04
දු.ක. : 077 761 3659
මෙත් සවිය සංසදය මගින් පවත්වන සතිපතා භාවනා වැඩසටහන, විශේෂ දාන-සීල-භාවනා වැඩසටහන් හා අනෙකුත් විවිධ වැඩසටහන් අතරතුර යෝගීන් සදහා සංග්‍රහ කටයුතු සිදු කිරීම කාන්තා කමිටුව මගින් සිදු කරයි.
01
05
දු.ක. : 077 029 2797
මරණයට කැපවුනු අසරණ සතුන් සදහා අභය දානය ලබා දීම, දුෂ්කර පලාත්වල වැඩ වෙසෙනා ආරණ්‍යවාසී ස්වාමීන්වහන්සේලාට දානය සකසා ගැනීමට වියළි ආහාර ද්‍රව්‍ය පූජා කිරීම හා අසරණභාවයට පත් සාමාජිකයන්ට මෙන්ම සාමාජික නොවන අයටද පිහිට වීම මෙම අනුකමිටුව මගින් සිදු කරයි.
06
දු.ක. : 071 536 4387
මෙත් සවිය සංසදය මගින් සිදුකරන මාසික ධර්ම දේශනා මෙත් සවිය Youtube නාලිකාව හරහා සජීවීව විකාශය කිරීම හා අනෙකුත් වැඩසටහන් මාධ්‍ය ආවරණය කිරීම මෙත්සවිය මාධ්‍යජාලය මගින් සිදු කරයි.
07
දු.ක. : 071 946 2837
මෙත් සවිය සංසදයෙහි වෙබ් අඩවිය යාවත්කාලීන කර පවත්වාගෙන යාම මෙම අනුකමිටුව මගින් සිදු කරයි.
01
08
දු.ක. : 071 843 3319
මෙත් සවිය සංසදය මගින් පවත්වන ලබන මෙත් සවිය සංසදය මගින් පවත්වන ලබන මෙත් සවිය සංසදය මගින් පවත්වන ලබන
09
දු.ක. : 070 155 8558
10
දු.ක. : 071 826 6143