මෙත් සවිය ධර්මදූත ඒකකය meth_test August 23, 2025

මෙත් සවිය ධර්මදූත ඒකකය

විහාරමහාදේවී පිරිවෙන, ඇල්පිටිය

මෙත් සවිය මනස අධ්‍යාපන මෛත්‍රී සංසදයේ නිර්මාතෘ මහාචාර්ය ගරු චන්දන ජයරත්න ගුරුතුමන්ගේ උදාර සංකල්පයක් ලෙස තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ භික්ෂු ශාසනයේ ආරක්ෂාව හා චිරස්ථිතිය උදෙසා ඇරඹී මෙත් සවිය ධර්මදූත ඒකකය ඇල්පිටිය විහාරමහාදේවී පිරිවෙන මූලික කර ගනිමින් ස්ථාපිත කර ඇත.

මෙහි ආරම්භය ලෙස ශ්‍රී ලංකාද්වීපයේ 75 වන නිදහස් සංවත්සරය තිරසාර ලෙස සැමරීමේ වැඩ පිළිවෙළක් ලෙස හා විනාශාභිමුඛයට යන බුද්ධ ශාසනය නැවත ගොඩ ගැනීමේ ප්‍රයත්නයක් වශයෙන් 2023 පෙබරවාරි 04 දින මෙත් සවිය ධර්මදූත ඒකකය අරඹා කුල දරුවන් 9 දෙනෙකු මහණ කරන ලදී.

කුල දරුවන් මහණකිරීමේ පින්කම නැරඹීම සදහා

විශේෂ අවස්ථා

අධ්‍යාපන උපකරණ පූජා කිරීම

2023 ජූනි 23

මෙත් සවිය ධර්මදූත වැඩසටහන් ඒකකය සඳහා මෙත් සවිය සාමාජික සාමාජිකාවන්ගේ දායකත්වයෙන් රැස් කළ මුදලින් ලබාගත් දහම් පොත් කට්ටල හතලිස් අටක්ද, රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා අධ්‍යාපනය සඳහා අවශ්‍ය අනෙකුත් පොත්පත්ද, මදුරු දැල් අටක් ද පූජා කරන ලදී. මෙම ධර්ම දානමය පුන්‍ය කර්මය සඳහා දායකත්වය දැක්වූ සියලු පින්වතුන් හට ප්‍රඥාව පහල වේවා !!!

සාමණේර ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට පැවැත්වූ වෛද්‍ය සායනය

2023 නොවැම්බර් 29

මෙත් සවිය ධර්මදූත ඒකකයේ අධ්‍යාපනය ලබන සාමණේර ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ සෞඛ්‍ය තත්ත්වය පවත්වාගෙන යාම පිණිස පවත්වන ලද වෛද්‍ය සායනය.

සිවුරු, පිරිකර හා අනෙකුත් උපකරණ පූජා කිරීම

2023 දෙසැම්බර් 26 පොහොය දින

ඇල්පිටිය විහාරමහාදේවි පිරිවෙනෙහි අධ්‍යාපනය හදාරන මෙත්සවිය ධර්මදූත වැඩසටහනෙහි සාමනේර භික්ෂූන් වහන්සේලාට සිවුරු, පිරිකර, පොත්පත්, රසකැවිලි සහ අධ්‍යාපන චාරිකාවක් සදහා රුපියල් ලක්ෂයක මුදලක් පූජාකිරීම. මෙම මහා පුන්‍ය කර්මයට දායකත්වය දැක්වූ සැමට ආයු වර්න සැප බල ප්‍රඥා පහලවේවා !!!