මෙත් සවිය වැඩසටහන් meth_test June 13, 2026

මෙත් සවිය මනස අධ්‍යාපන සංවර්ධන මෛත්‍රී සංසදය මගින් පවත්වන ලද වැඩසටහන්

2026 වර්ෂය
බඩ ඉරිගු දන්සැල

2026 මැයි 30,31 හා ජූනි 01

මෙත් සවිය සංසදයේ නිර්මතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ උදාර සංකල්පයකට අනුව, අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහිකරමින් කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ බෞද්ධාලෝක වෙසක් කලාපයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් පැවැත්වෙන බඩ ඉරිගු දන්සල තෙවන වරටත් මැයි මස 30, 31 හා ජූනි මස 01 වන තෙදින තුලදී රාත්‍රී 7.00 සිට රාත්‍රී 12.00 දක්වා පැවැත්වින. බඩ ඉරිගු කරල් 12,000 ක් පමණ මෙම තෙදින තුලදී බැතිමතුන් සදහා බෙදාදෙනු ලැබින.

බැති ගී ගායනය

2026 මැයි 30

සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින්, කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ බෞද්ධාලෝක වෙසක් කලාපයෙහි පැවැත්වූ බොදු බැති ගී ප්‍රසංගයට මෙත් සවිය බැති ගී කණ්ඩායම මගින් භක්ති ගීත ගායනයක් ඉදිරිපත් කරන ලදී.