මෙත් කැකුළු වැඩසටහන
මෙත් සවිය මනස අධ්‍යාපන මෛත්‍රී සංසදයේ නිර්මාතෘ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගරු චන්දන ජයරත්න ගුරුතුමන්ගේ උදාර සංකල්පයක් ලෙස 2025 ජනවාරි මස ආරම්භ කල මෙත් කැකුළු වැඩසටහනේ ප්‍රධාන අරමුණු දෙකකි. පළමුව තරුණ දෙමාපියන්ට, ඉරිදා සවස භාවනා වැඩසටහනට සිත් සේ සහභාගී වී එය බාධාවකින් තොරව කර ගෙන යාමට හැකි පරිදි ඔවුන්ගේ දු දරුවන් බොරැල්ල ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේදීම රඳවා ගැනීමට පරිසරය සැකසීමයි. දෙවනුව, එම දරුවන්ට දිනකට පැය 3ක පමණ කාලයක් තුලදී, ඔවුන්ගේ අධ්‍යාත්මය මෙන්ම මනස සහ හැකියාවන් දියුණු කර ගැනීමට අවශ්‍ය ක්‍රියාකාරකම් වල නිරත වීමට ඉඩ සලසා දීමයි.
අද දින වන විට, ගුරුවරියන් තිදෙනෙකු ගේ අධීක්ෂණය යටතේ, අවුරුදු 4 සිට 13 දක්වා ළමුන් 25 දෙනෙකු පමණ මෙම වැඩසටහනට සහභාගී වේ.
ඔවුන්ට දහම් ඇසුරෙන් ලැබිය යුතු ගුරුහරුකම් සඳහා ආජීව අෂ්ටමක සීලය හා මෛත්‍රී භාවණාවේ මූලික දැනුම ලබා දී ඇති අතර එය ප්‍රගුණ වෙන පරිදි නිතර කරනු ලැබේ. වාර්තමානයේ අත්‍යාවශ්‍ය විචාරාත්මක චින්තනය සහ තාර්කික බුද්ධිය දියුණු කරගැනීමට හේතු වන STEM (විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු හා ගණිතය ආශ්රිත) ක්‍රියාකාරකම්වලට උනන්දු කෙරේ. ඒ අතුරෙන්, නොයෙක් ප්‍රෙහෙලිකා විසඳීමටද, සරල යාන්ත්‍රීක කොටස් හා විද්‍යුත් උපාංග භාවිතා කර නිර්මාණ කිරීමටද, චෙස් වැනි ක්‍රීඩා කිරීමටද, බීජ රෝපණය සහ ශාක වර්ධන ක්‍රියාවලිය හැදැරීමටද, සෞරග්‍රහ මණ්ඩලය ගැන අධ්‍යනයට සහ එහි ආකෘතියක් සෑදීමටද ළමුන්ව යොමු කරවා ඇත. ඉදිරියටද මෙවැනි අභ්‍යාස සහ නව නිර්මාණ කිරීමට අදාල දැනුම හා පළපුරුද්ද ඇති තවත් වැඩිහිටියන්ද සහභාගි කරවා ගෙන වැඩසටහන දියුණු කිරීමට බලාපොරොත්තු වේ.
සෞන්ධර්යාත්මක හැකියාවන් ප්‍රගුණ කිරීමට චිත්‍ර හා නිර්මාණ කලාව වගේම සුදුසු සංගීත භාණ්ඩ පුරුදු කිරීමටද බලාපොරොත්තු වන අතර, එහි පළමු පියවර ලෙස පරිසරය රැක ගැනීමේ වැදගත්ගකම හුවා දැක්වෙන ගීයක් 2026 මෙත්සවිය සංවත්සරය සඳහා ළමුන් විසින් ඉදිරිපත් කරන ලදී.
අධ්‍යාපන උපකරණ පූජා කිරීම
මෙත් සවිය ධර්මදූත වැඩසටහන් ඒකකය සඳහා මෙත් සවිය සාමාජික සාමාජිකාවන්ගේ දායකත්වයෙන් රැස් කළ මුදලින් ලබාගත් දහම් පොත් කට්ටල හතලිස් අටක්ද, රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා අධ්‍යාපනය සඳහා අවශ්‍ය අනෙකුත් පොත්පත්ද, මදුරු දැල් අටක් ද පූජා කරන ලදී. මෙම ධර්ම දානමය පුන්‍ය කර්මය සඳහා දායකත්වය දැක්වූ සියලු පින්වතුන් හට ප්‍රඥාව පහල වේවා !!!
frfrf
effrrfrf



අධ්‍යාපන උපකරණ පූජා කිරීම
මෙත් සවිය ධර්මදූත වැඩසටහන් ඒකකය සඳහා මෙත් සවිය සාමාජික සාමාජිකාවන්ගේ දායකත්වයෙන් රැස් කළ මුදලින් ලබාගත් දහම් පොත් කට්ටල හතලිස් අටක්ද, රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා අධ්‍යාපනය සඳහා අවශ්‍ය අනෙකුත් පොත්පත්ද, මදුරු දැල් අටක් ද පූජා කරන ලදී. මෙම ධර්ම දානමය පුන්‍ය කර්මය සඳහා දායකත්වය දැක්වූ සියලු පින්වතුන් හට ප්‍රඥාව පහල වේවා !!!


