
බෝවන රෝග සදහා වන අංගොඩ රෝහලේ කොරෝනා රෝගීන් වැඩිවීමේ තත්ත්වය මත 2020 මාර්තු 30 දින විවෘත කල “හුදකලා ඒකකය” වාට්ටුව වෙත අවශ්‍ය උපකරණ ලැයිස්තුව, එහි නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමිය විසින් අප වෙත එවා දින කිහිපයක් තුල දී, හිගයක් ව පැවැති මිල අධිකතරම උපකරණ ප්‍රධානය කිරීමට මෙත්සවිය අපට හැකිවිය.
ඊට දායක වූ මෙත්සවිය සාමාජිකයින්ගේ හදවතින් පැනනැගුන වත්මනෙහි මෙන් ම, කොරෝනා තත්වයෙන් පසු අනාගතහිද, පහළ විය හැකි බෝවන රෝගීන් දුකින් මිදේවා යන කරුණාභරිත හදවතින් මහත් දුෂ්කරතා මධ්‍යයේ වුවද කලාවූ මෙම පරිත්‍යාගයට පුණ්‍යානුමෝදනා කරන්නෙමු. හුස්ම ගැනීමට නොහැකිව පන අදින රෝගීන් සුවපත් කිරීම වෙනුවෙන් සහභාගී වී මේ කලා වූ පුණ්‍යකර්මයේ ශක්තියෙන් නිවන් දක්නා ජාති දක්වාම සහභගී වූ සැමට ලෙඩ දුකින් තොර නිරෝගී සම්පත්තිය ම පහලවේවායි පතන්නෙමු. ආධාර කල අය කල පරිත්‍යාග විස්තර මීළග මෙත්සවිය සගරාවේ පලවෙනු ඇත.
(මීට අමතරව දෛනික අදායමෙන් දිවි ගැටගසාගත් කෝවිඩ් මැඩීමේ දිගු ඇදිරිනීතිය මත මුදල් නොමැතිව අසරණ තත්වයට පත්වී දුරකථනයෙන් ආධාර ඉල්ලු සමාජිකයින් සියළුදෙනාහටම මහාචාර්ය චන්දන ජයරත්න ගුරුපියාණන් ගේ පුද්ගලික ධනපරිත්‍යාගයෙන් කෙනෙකුට අවම රුපියල් පන්දහස බැගින් යවා ඇත.)

